21st March 2025 14:02:18 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ එක් අංගයක් ලෙස යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් මත, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ට අයත් 22,23,24 සේනාංක හා භකාස අණසක හා යටතේ පාලනය වන ඒකක සහ පුහුණු පාසල් භට පිරිස් විසින් 2025 මාර්තු මාසයේදී පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් රැසක් පවත්වන ලදී.
පහත සඳහන් පාසල්වල පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී:
මාවනගම අසේලපුර විද්‍යාලය
නෙළුම්වැව විද්‍යාලය
හැවන්පිටිය දෙමළ විද්‍යාලය
පො/දිඹු/කටුවන්විල මුස්ලිම් විද්‍යාලය
කයාන්කේනි සරස්වතී විද්‍යාලය
වකනේරි කොකුකුලම විද්‍යාලය
කදිරවේලි විග්නේෂ්වරම් මහා විද්‍යාලය
හුලනුගේ සිංහල විද්‍යාලය
බක්මිදෙනිය විද්‍යාලය
හෙන්නානිගල දකුණු විද්‍යාලය
තඹුවිල් සරස්වතී විද්‍යාලය
නිකපිටිය ප්‍රාථමික විද්‍යාලය
පදියතලාව ජාතික විද්‍යාලය
මේ අතර පහත සඳහන් ඒකකවල භටපිරිස් විසින් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහභාගී වූහ.
7 වන සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
7 වන සහ 12 වන බලඇණිය ගැමුණු හේවා බළකාය
3 වන විජයබාහු පාබල රෙජිමේන්තුව
8 වන සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව
මෙම වැඩසටහන් සදහා සේනාංකාධිපතිවරුන්,බළසේනාධිපතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, අනෙකුත් නිලයන්, ගුරුවරුන් සහ දෙමාපියන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් සදහා දායක වෙමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.