Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th March 2025 16:38:13 Hours

231 වන පාබල බලසේනාව සහ 12 වන ගැමුණු හේවා බළකාය විසින් පාරිසරික පිරිසිදු කිරීමේ සහ ගස් සිටුවීමේ වැඩසටහනක් පවත්වයි.

(නැගෙනහිර) ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 231 වන පාබල බලසේනාව, 12 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් සහ සිවිල් ජනතාව එක්ව 2025 මාර්තු මස 18 වන දින සිට 23 දින දක්වා මනම්පිටිය ප්‍රදේශයේ පාරිසරික පිරිසිදුකම සඳහා කසළ ඉවත් කිරීම, මාර්ග දෙපස පිරිසිදු කිරීම සහ ගස් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 වන පාබල බලසේනා බලසේනාධිපති, අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ ප්‍රාදේශීය සිවිල් ජනතාව ද මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙම වැඩසටහන සිවිල් සමාජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට හමුදාව දරන උත්සාහයක් බව පෙන්වා දිය හැකිය.