Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th March 2025 13:00:28 Hours

241 වන පාබල බලසේනාව සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය භාණ්ඩ සහ අඩු ආදායම්ලාභී පවුල් සදහා පොල් පැල බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි.

ආරක්ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 241 පාබල බලසේනාවට අයත් භටපිරිස්, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ හේමාස් පුද්ගලික සමාගමෙහි අනුග්‍රහය ඇතිව 2025 .03. 16 වන දින නවගම්පුර අම්පාර ප්‍රෙද්ශයේ ගැබිණි මව්වරුන් 15 දෙනෙකු සදහා අවශ්‍ය භාණ්ඩ සහ අඩු ආදායම් ලාභී පවුල් සදහා පොල්පැල බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන සදහා නියෝජ්‍ය සේනාංකාධිපති 24 වන පාබල සේනාංකය, බලසේනාධිපති 241 වන පාබල බළසේනාව, අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිළධාරීන්, සෙසුනිළයින් සහ අනුග්‍රාහක බවතුන්ද සහභාගී විය.