23rd February 2025 12:30:08 Hours
2025 පෙබරවාරි මස 15 වන දින, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රජයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ සහයෝගයෙන්, අම්පාර, බුද්ධංගල දී සාර්ථක කැලි කසළ බැහැර කිරිමේ ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ 24 වන පාබල සේනාංකයේ භට පිරිස් 00x50 දෙනෙකු මෙන්ම, යටතේ පාලනය වනු ලබන පාබල බසේමු හා ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයන්ද මෙම වැඩසටහනට සහභාගී වූහ. ඓතිහාසික වැදගත්කම සහ ස්වාභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන බුද්ධංගල අවට නම් කරන ලද ප්‍රදේශවලින් කසළ සහ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට ඔවුන් එක්ව කටයුතු කළහ. බුද්ධංගල කැලි කසල එක්රැස් කරනු ලබන ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය, මෙම අරමුණු සාක්ක්‍ෂාත් කර ගැනීම සඳහා රජයේ නිලධාරීන්, යුද්ධ හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර සහයෝගීතාවයේ බලය පිළිබඳ සාක්ෂියකි.