Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd February 2025 12:19:59 Hours

221 වන පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ පළමු ඒකක සංචාරය

221 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2025 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින තුල පුල්මුඩේ පිහිටි 20 වන ගජබා රෙජිමේන්තුවේ හා ත්‍රිකුණාමලය පෙඩ්රි 19 සක් බළකොටුව තුල පිහිටි 2 (ස්වේ) ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයේ නිරතවන ලදි. සිය සංචාරයේදි භඨපිරිස් ඇමතිමට ද කටයුතු කල බළසේනාධිපති ඔවුන්ගේ රාජකාරි හා පාලන අවශ්‍යතා ගැටළු ආදිය ද සොයා බැලීය. තවද බළසේනාධිපති තුමන් විසින් වත්මන් රාජකාරි අගයකරමින් තවදුරටත් රාජකාරිමය කටයුතු වැඩිදියුණු කිරිම සදහා අවශය උපදෙස් හා මගපෙන්විම ලබාදුන්නේය, එමෙන්ම බළසේනාධිපති තුමන් කැරලි මර්ධන අභ්‍යාෂය නැරඹීමට පැමිණි අතර, එදින ඒකකයේ නිලධාරි නේවාසික පහසුකම් සහිත ගොඩනැගිල්ල එතුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.