06th February 2025 12:30:10 Hours
නව නැගෙනහිර ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබිලිවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 01 වන දින පූනානි හි පිහිටි 23 වන පාබළ සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
23 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර,12 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භඨපිරිස් විසින් පිවිසුම් දොරටුව අසලදී කදවුරු මුරයක් පිරිනමන ලදි.
ආඥාපතිතුමන් සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් හා 23 සේනාංක යටතේ සිටින අණදෙන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. තවද, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වීමෙන් පසු 23 වන පාබළ සේනාංකයේ භඨපිරිස් අමතන ලදී. ඉන් අනතුරුව සේනාංකාධිපති විසින් සේනාංකයේ කාර්ය භාරය සහ කර්තව්‍යයන් සහ එහි වගකීම් පිළිබඳ විස්තරයක් ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී. සේනාංක මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ආඥාපතිතුමන් විසින් 23 වන පාබළ සේනාංක අමුත්තන්ගේ පොතෙහි තම අදහස් සටහන් තබන ලදි.