Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th January 2025 13:35:31 Hours

7 ගැහේබ විසින් නාවල්අඩි සිට රිදිතැන්න දක්වා වු මාර්ගය දෙපස පිරිසිදු කරයි.

ආරකෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමාගේ හා 23 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමාගේ සංකල්පයක් මත 233 පාබල බලසේනා මූලස්ථානය මග පෙන්වීම යටතේ 7 ගැහේබ ඒකකය විසින් සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ සංකල්පය පලගන්වමින් එම ඒකක ආධාරක කණ්ඩායම් බළප්‍රදේශයට අයත් නාවල්අඩි සිට රිදිතැන්න දක්වා වු (ඒ 11 මඩකලපු පොලොන්නරු) මාර්ගය දෙපස ඇති කුණු කසල ඉවත් කිරිම හා බැනර් පුරු සවිකිරිමේ වැඩ සටහනක් 2025.01.25 වන දින 02x15 දෙනෙකුගෙන් යුත් භඨපිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරණ ලදි.

මෙම වැඩ සටහන සදහා7 ගැහේබ ඒකක වැ:බ: අණදෙන නිලධාරි වැ:බ: දෙවන අණදෙන නිලධාරි සහ ඕටමාවඩි ප්‍රාදේශිය සභාවේ ලේඛම් යන නිළධාරින් සහභාගි වු අතර, JCB යන්ත්‍රයක් හා ට්‍රැක්ටර් රථ 02ක් ඕටමාවඩි ප්‍රාදේශිය සභාව මගින් ද, වාලච්චේන, වාකරේ යන ප්‍රදේශිය සභාවවලින් ට්‍රැක්ටර් රථ එක බැගින් ලබා දුන් අතර, මෙම වැඩ සටහන සදහා ප්‍රාදේශිය සභා සේවකයින් 25 දෙනෙකුගේ සහයෝගය ලබා දෙන ලදි.