Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th January 2025 15:50:46 Hours

දිඹුලාගල බළප්‍රදේශයට අයත් කළුකැලේ විජය පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලය සහ පැලෑටියාව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 722 දෙනෙකු හට අවශ්‍ය පොත් පත් සහ අධ්‍යාපනික උපකරණ බෙදාදෙයි.

දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බළප්‍රදේශයට අයත් කළුකැලේ ප්‍රදේශයේ පිහිටා ඇති විජය පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ සහ පැලෑටියාව කණිෂ්ඨ විද්‍යාලයේදි 2025 ජනවාරි මස 05 වන දින එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 722 දෙනකු හට ඉගෙනිමට අවශ්‍ය පොත් පත් සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සම්බන්ධිකරණය යටතේ 231 වන පාබල බළසේනාවේ අධික්ෂණයන් යුතුව 12 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර මෙම සත් ගුණවත් වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථක කර ගැනිම සදහා වු මුල්‍යමය දායකත්වය කොළඔ ''තරණ'' පදනම විසින් සිදුකරන ලද අතර, එම ආයතනය මගින් අඩු අවශ්‍යතා ඇති පවුල් සදහා සිදු කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් වශයෙන් එම පදනමේ සභාපතිනි සුරංජිනි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසින් මෙම පොත් පත් සහ පාසල් උපකරණ සදහා වු මුල්‍යමය දායකත්වය දක්වන ලද අතර, මෙම උත්සව අවස්ථාව සදහා ප්‍රදේශයෙහි සම්භාවනීය අමුත්තන් සහභාගි වන ලදි.