Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th January 2025 14:35:09 Hours

වැලිකන්ද කඩවත්මඩුව ග්‍රාමසේවා වසමේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ ළමුන් සදහා පාසල් උපකරණ, ක්‍රිඩා භාණ්ඩ බෙදාදීම.

ආරකෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 233 පාබල බලසේනාධිපති කර්නල් නිලන්ත විජේසිංහ යුඑස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පෙන්වීම හා 7 වන ගැමුණු හේවා ඒකක අණදෙන නිළධාරි මේජර් අශෝක මල්ලවආරච්චි පීඑස්සී යන නිලධාරින්ගේ අධීක්‍ෂනය යටතේ සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ සංකල්පය පලගන්වමින් 233 පාබළ බළසේනා බළප්‍රදේශට අයත් කඩවත්මඩුව ග්‍රාමයේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ ළමුන් සදහා පාසල් උපකරණ, ක්‍රිඩා භාණ්ඩ බෙදාදීම සහ ගුරුවරුන් සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් 2025 ජනවාරි මස 04 වන දින 10x30 භඨපිරිසක් හා ගුරුවරුන් 20 දෙනෙකු, ළමුන් 198 දෙනෙකු හා දෙමාපියන් 50 දෙනෙකුගේ සහ පරිත්‍යාගශිලින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම පාසලේදි පවත්වන ලදි.

මෙම වැඩසටහනේ පාසල් උපකරණ හා ක්‍රිඩා භාණ්ඩ පරිත්‍යාග කිරිම කොළඹ “තරණ පදනම” හා“දම්රිව් පදනමේ” ධානපතින් විසින් සිදුකරන ලදි.