28th December 2024 11:01:49 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීමෙන් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ 18 වන බලඇණියේ භට පිරිස් විසින් කල්මූණේ ශුද්ධ වූ කුරුස දේවස්ථානයේ ළමුන් 16 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී. මෙම උත්සවය 2024 දෙසැම්බර් 23 වන දින කල්මුණේ ශුද්ධ වූ කුරුස දේවස්ථානයේදී පැවැත්විණි.