Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2024 15:01:34 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති රාජකාරි භාරගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) පරිශ්‍රයේදී යුද්ධ හමුදා විධිවිධාන සහ ආගමික ආශිර්වාද වලින් අනතුරුව, ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී නව ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) ලෙස 2024 දෙසැම්බර් 09 වන දින වැඩ භාර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාණ මාණ්ඩලික නිලධාරී විසින්  ඉතා උණුසුම් ලෙස නව ආඥාපතිවරයා පිළිගන්නා ලදී. එතුමාගේ පැමිණීමත් සමග ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් හා සරඹ භූමියේදී සම්මාන පෙළපාලියක් පවත්වන ලද අතර ඉන් අනතුරුව ආඥාපති කාර්යාලය තුලදී මහා සංඝරත්නය මූලික කර ගත් සර්ව ආගමික වතාවත් සිදුකරමින් නව පත්වීම වෙනුවෙන් ආශිර්වාද කළ අතර විශේෂ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව පත්වීම් භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයක් සංකේතාත්මකව නව ආඥාපතිවරයා විසින් අත්සන් කරන ලදි . අනතුරුව පැළයක් රෝපණය කිරීමෙන් පසු ආඥාපතිවරයා මතකය සංකේතවත් කිරීම සඳහා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඉන් අනතුරුව ආඥාපති විසින් භටපිරිස් අමතමින්, මේ දක්වා නැගෙනහිර ප්‍රදේශයේ අරක්ෂාව සහ අභිවෘර්දිය සදහා කැපවූ ආඥාපතිවරුන් ඇතුළුව සියලුම නිලධාරීන් සෙසු නිලයින් ස්තුතිපූර්වකව සිහිපත් කල එතුමන්, අන් අයගේ රාජකාරීන් සදහා ගරු කිරීම, තම රාජකාරීන් නිවැරදි අවබෝදයෙන් යුතුව ඉටුකිරීම තම රාජකාරීන් සබැදිව තමුන්ට ඇති හැකියාව සහ වගකීම සදහා ජ්‍යෙෂ්ඨත්වයෙහි, විනයෙහි සහ වෘර්තීමය නිපුණත්වයේ  වැදගත්කමත් වර්ධනය කරගත යුතු ආකාරයද පෙන්වා දෙමින් දිස්ත්‍රික්ක 4 ක් පුරා විසිරී ඇති නැගෙනහිර අරක්ෂක සේනා මූලස්ථානය වෙතින් සේවය සැපයෙන අති විශාල භූමි ප්‍රමාණයේ මිලියන 2.3 කට අදික ජනතාවකගේ අරක්ෂාව සැලසීම හා ස්වාභාවික විපත් වලින් ජනතාව අරක්ෂා කිරීමේ උදාරතර වගකීම පිලිබදවද අවධාරනය කලහ. බලප්‍රදේශයෙහි  එතුමන්ගේ  පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට භටපිරිස් දිරිමත් කරමින් එතුමන්ගේ දැක්ම පෙන්වා දුන් අතර  එතුමන්ගේ පොදු අරමුණු ද ගෙනහැර දැක්වීය.

තවද ආඥාපති සියලුනිල තේ පැන් සංග්‍රහයටද සහභාගි වූ අතර නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීමෙන් පසු  උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

මෙම අවස්ථාව සදහා 22 , 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වරුන්, භටකාර්ය සම්පාදක අඥාපති (නැගෙනහිර) බලසේනාධිපතිවරුන්, සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ ආරක්ෂක සේනා මූලස්ථානයේ අනෙකුත් නිලධාරින්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ , කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින්ද සහභාගි වූහ.

.