04th December 2024 11:53:22 Hours
ආරක්ෂරක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත 2024 නොවැම්බර් මස 23 වන දින 24 වන පාබල සේනාංක මූලස්ථානයේ සියළුම නිලයන් විසින් ගෞරව උපහාර දක්වන ලදි.
24 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති මෙම සමුගැනීමේ උත්සවයට ඔහුගේ සේවා කාලය තුළ ලද ගෞරවය සහ ප්‍රශංසාව පිළිබිඹු කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, ආඥාපතිතුමන් කදවුරුසම්මාන මුරයකින් කදවුර වෙත පිලිගත් අතර, එදිනට මතකයන් එක් කරමින් ආසේමු (නැ) ආඥාපතිතුමන් හට කඳවුරු පරිශ්‍රවයේ පැළයක් රෝපනය කිරිමට ආරාධනා කල අතර, ඉන් අනතුරුව මෙම පාබල සේනාංකයේ සියළුම නිලධාරින් සමග සමූහඡායාරූපයකටද පෙනීසිටියේය.
ආඥාපති තුමන්ගේ සමුගැනීමේ දේශනයේදී, ආඥාපතිතුමන් විසින්, මෙම පාබල සේනාංකයේ භටපිරිස් වෙත ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීය නිපුනත්වය වෙනුවෙන් කෘතඥතාව පළකල අතර,තම අණ දීම යටතේ නැගෙනහිර පළාතෙහි රාජකාරි සිදුකරනු ලබන භටපිරිස් ලද ජයග්රහනයන් පිළිබඳව ද ආඥාපති තුමන් වැඩිදුරටත් මෙහිදි ආවර්ජනය කළේය.
ආඥාපති තුමන්ගේ විශිෂ්ඨ සේවය ඇගයිම වෙනුවෙන් හා ඉදිරි වැඩ කටයුතු සඳහා සුභපැතුම් පල කරමින් මෙම පාබල සේනාංනයේ සියළුම නිලයන් විසින් නික්මයන ආඥාපති තුමන් වෙත සමරුතිළිණ ප්‍රධානය කිරීම උත්සවයේ විශේෂ අවස්ථාවක් විය.