Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2024 11:22:39 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති ධූරයෙන් නික්ම යයි.

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් 03 වැනි දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී පැවැත්විණි.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. පසුව, එතුමන් කාර්යාල පරිශ්‍රයේදී සිය ධූරයේ කටයුතු නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

අනතුරුව, එතුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)ට අඩුපාඩුවක්ව පැවැති, නවතමයෙන් ඉදිකරන ලද දේශණ ශාලාව විවෘත කොට සියළුම නිලයන් අමතමින් සිය ධුර කාලය තුළදී රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා දක්වන ලද කැපවීම අගය කරන ලදී. උත්සව කටයුතු අවසානයේදී එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ.

වසර 35ක් ඉක්මවූ සේවා කාලයක් සම්පුර්ණ කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්තිමත් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. අභියෝගාත්මක කාලවලදී, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මාතෘභූමිය රුදුරු ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමට ඉමහත් කැපවීම් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ කාලය තුළ නැගෙනහිර බලප්‍රෙද්ශයේ ආරක්ෂාව සදහා උපක්‍රමික වශයෙන් විශේෂිත ආරක්ෂිත වැඩපිලිවෙලක් නාවික, ගුවන් සහ පොලීසිය ද සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරනු ලැබූ අතර බලප්‍රෙද්ශයේ රාජකාරී කරනු ලබන නිලධාරී සහ සෙසුනිලයිගේ චිත්ත ධෛර්යය, දැනුම සහ ප්‍රායෝගික ප්‍රාගුන්්‍ය නංවාලීම සදහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔහුගේ සංකල්පීය මගපෙන්වීම යටතේ සහ අණදීම යටතේ වූ භටපිරිස් මෙන්ම සිවිල් ප්‍රජාව ඉලක්ක කරගත් සුබසාධන ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කරන ලදී.

සිවිල්සම්බන්ධීකරණ වැඩසටහන් ලෙස නිවාස නොමැති සිවිල් අයවලුන් සඳහා නිවාස ඉදිකිරීම, අධ්‍යාපනය ලබන සිසුසුවියන් සඳහා ශිෂ්‍යත්ව සහ ලිපි ද්‍රව්‍ය ඇසුරුම් බෙදාදීම, විශේෂ අවශ්‍යතා ඇති පිරිස් සඳහා කෘතිම පාද පරිත්‍යාග කිරීම,ලේ දන්දීමේ වැඩසටහන්,දේශීය ක්‍රීඩා සමාජවලට ප්‍රතිලාභ සැලසෙන පරිදි ක්‍රීඩා උපකරණ ලබාදීම,අධ්‍යාපන ප්‍රමිතීන් නංවාලීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, තීරණාත්මක කාලවලදී සුදුසුකම් ඇති ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය සලාක ඇසුරුම් සැපයීම ආදිය එතුමන් සිදුකල ප්‍රජා සත්කායන් වලින් කිහිපයකි.

මේජර් ජෙනරාල් ෂෙවාන්ත් කුලතුංග ආර්ඩබ්ලිව් ආර්එස්පී වීඑස්වී යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රේෂ්ඨ මහත්මා ගතිවලින් මහත් පෞර්ෂවයකින් සහ ඉහල නායකත්ව ගුණාංග පිළිබිබු කල ජේ‍යෂ්ඨ නිලධාරියෙකු වන අතර එතුමන්ගේ අණ යටතේ සිටින සියලුම හමුදා සාමජිකයන් සඳහා සුවපහසු සේවා පරිසරයක් පෝෂණය කළේය. ඔහු තම කණ්ඩායමේ අවශ්‍යතා කෙරෙහි නිහතමානීව හා අවධානයෙන් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

නික්ම යෑමේ උත්සව අවස්ථාව සදහා 22, 23 සහ 24 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක - නැගෙනහිර,  ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස්ද එක්ව සිටියහ.