Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd November 2024 10:52:49 Hours

3 රෙජි ශ්‍රීලයුයුබ වෙතින් දිඹුලාගල ග්‍රාමසේවා වසමෙි අඩු ආදායම්ලාභී පවුලක් වෙත නිවසක් ඉදිකර දෙයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනූව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ තෝරාගන්නා ලද අංක 46, දෙවන පියවර, දිඹුලාගල ග්‍රාමසේවා වසමේ පදිංචි එන්. පොඩිසිංඤ්ඤෝ මහතාගේ නිවස සකස් කිරීමේ කටයුතු 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ සියළුම නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික එච්ඊ ප්‍රදීප් මංගල පීරීස් මහතාගේ මූල්‍යමය දායකත්වය මත සහ ආසේමු (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ ආඥාපති භකාස අණසක (නැගෙනහිර) බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ ගේ මගපෙන්වීම යටතේ සහ 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිළධාරී මේජර් බී ඩී ආර් පෙරේරා පීඑස්එසී එල්එස්සී ඒඒටීඕ ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ අංග සම්පූර්ණ නිවසක් ඉදිකිරීමේ කටයුතු සිදුකරන ලදී.

එම නිවස 2024 නොවැම්බර් මස 20 වන දින ආසේමු (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර අංක 46, දෙවන පියවර, දිඹුලාගල ග්‍රාමසේවා වසමේ පදිංචි එන්. පොඩිසිංඤ්ඤෝ මහතා වෙත භාරදෙන ලදී.