Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th October 2024 12:48:07 Hours

2024 ලෝක ළමා දින වෙනුවෙන් 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ලෝක ළමා දිනය 2024 සැමරීම නිමිත්තෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආරඒස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2024 ඔක්තෝම්බර් මස 1 දින පරණමැදවච්චිය විද්‍යාලයේ සිසුන් 77 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.

221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.කේ.ඒ.ආර්.පී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් අධීක්ෂණය කරන ලද අතර, 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.සී වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම වැඩසටහන සඳහා කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලි පී.කොරතොට මහත්මිය සහ පදවි ශ්‍රීපුර සණස බැංකුව විසින් අනුග්‍රහක දායකත්වය ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේදී රුක් රෝපණය කිරීම, පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම, විනෝදාස්වාද වැඩසටහනක් මෙන්ම සිසුන්හට සහ සහභාගීවූවන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 3 දෙනෙක් සහ සෙසුනිලයින් 40 දෙනෙකු හා දෙමාපියන් එක්ව විනෝදාස්වාද වැඩසටහන සංවිධානය කිරීම මෙන්ම දිවා ආහාරය පිසීම හා ආහාර බෙදා දීම සිදුකෙරෙණි.

සියලු දෙනාගේම කැපවීම සහයෝගය ඇතිව වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවිය.