28th August 2024 08:15:15 Hours
22 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කරන ලදී.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එ්.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 ජුනි මස 18 දින ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ. ව්‍යාපෘතිය මාස දෙකකින් සාර්ථකව අවසන් කිරීමට හැකිවූ අතර, නවීකරණය කරන ලද නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සහිත නිලධාරි නිවස්නය 2024 අගෝස්තු මස 26 දින එම සේනාංකයේ සේනාංකාධිපති විසින් විවෘත කරන ලදී.
මෙම නිලධාරි නිවස්නයේ නිලධාරීන් 20 දෙනෙකුට නවාතැන් පහසුකම් ලබාගත හැකි අතර, එහි අමුත්තන් සඳහා වෙන්කළ අංග සම්පූර්ණ කාමර දෙකකින් සමන්විත වේ. මෙම අවස්ථාවෙහිදී, සාර්ථක ප්‍රතිසංස්කරණය සඳහා දායක වූ ඉංජිනේරු සේවා බලකායට සහ සේනාංකයේ ආදාල බළ ඇණිවල භට පිරිස් වෙත සේනාංකාධිපති ප්‍රශංසා කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් සහභාගී වූහ.