06th August 2024 09:09:51 Hours
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කරනල් මන්දීප් සිං නේගි 2024 අගෝස්තු මස 01 දින ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර හමුවූයේය.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් සහකාර ආරක්ෂක උපදේශකතුමන උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සුහඳ හමුවේදී දෙදෙනා අතර බැඳීම වැඩි දියුණු කිරීම සඳහා ද්වපාර්ෂවික සබඳතා සහ හමුදා රාජ්‍ය ත්රාත්විකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවත් සිවිල්-හමුදා සහයෝගීතාවය සමාජ සුබසාධන ව්‍යාපෘති සහ නැගෙනහිර ප්‍රෙද්ශයේ සංවර්ධන පිළිබවඳ සාකච්ඡා කළහ.
සහකාර ආරක්ෂාක උපදේශක විසින් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.