Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th June 2024 15:14:29 Hours

241 පාබල බලසේනාව විසින් පොසොන් පොහොය දිනයට සමගාමීව දන්සලක් සංවිධානය

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් අනුව 241 වන පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණයහා මග පෙන්වීම යටතේ පොසොන් පොහොය දිනයට සමගාමීව විවිධ ජාතින්ආගම් වලට අයත් ජනතාව සහ යුද්ධ හමුදාව අතර, සහයෝගීතාවයහා සංහිදියාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ උදාර අදිටනින් යුතුව 241 පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල 241 පාබල බලසේනා මූලස්ථානය ඉදිරිපිටදී 2024.06.21 වන දින පවත්වන ලදි.මෙම දන්සල සඳහා අක්කරපත්තුව සහ අවට ප්‍රදේශවල හාරදහස් පන්සියකට අධික සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහභාගීවූ අතර මෙම කාර්යය ඔවුන්ගේ නොමද ප්‍රසංශාවට ලක්විය.