Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th June 2024 11:29:40 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් පොසොන් පොහෝ දින සිවිල් වැසියන් සඳහා කොස්, කඩල හා මඤ්ඤොක්කා දන්සලක් පවත්වයි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පය හා මගපෙන්වීම අනුව, පොසොන් පොහොය දිනයේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් වැලිකන්ද නගරයේදී 2023 ජුනි මස 21 වන දින කොස් , කඩල හා මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

පොළොන්නරුව, මඩකලපුව මාර්ගයේ ගමන් ගන්නා අතිවිශාල පිරිසකට සහ අවට ජනතාව 5000 කට ආසන්න පිරිසක් දන්සල සදහා සහාභාගි වු අතර. මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී වූහ.