Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd June 2024 21:23:10 Hours

22 වන පාබල සේනාංකය විසින් පොසොන් පෙහෝය දිනයට සමගාමිව සිනි සම්බෝල බනිස් හා තේ පැන් දන්සලක් පැවැත්විම

22 වන පාබල සේනාංකය විසින් පොසොන් පෙහෝය නිමිතිකර ගෙන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජිවත්වන හා එම ප්‍රදේශයේ ආගමික ස්ථාන වන්දනාමාන කිරිම සඳහා පැමිණෙන සදැහැවතුන් සඳහා. 22 වන පාබල සේනාංයේ සේනාංකාධිපති මේජර් ඡෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මගපෙන්විම යටතේ 22 වන පාබල සේනාංකයේ සියළුම නිලධාරි/සෙසුනිළයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සීනි සම්බෝල බනිස් හා තේ පැන් දන්සලක් 2024.06.21 දින 1700 පැයට කෙසෙල් තුඩුව කඳවුර අසල පවත්වන ලදී.