Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd June 2024 21:12:14 Hours

4 වන ගැමුණු හේවා බළඇණියේ භඨ පිරිස් විසින් පොසොන් මහා බත් දන්සලක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනාව (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ගේ මග පෙන්විමේන් 23 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවසම් ගේ උපදේශකත්වයෙන් 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ අධික්‍ෂණය යටතේ 4 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්පිඅයිඑච් සේනානායක පිඑස්සි එල්එස්සි ගේ සංකල්පයකට අනුව 4 ගැමුණු හේවා බළඇණියේභඨ පිරිස් විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා බත් දන්සල 2024.06.21 දින දවස පුරා කරදියන්ආරු උන්නච්චිය වැව අසලදී පවත්වන ලදි.

සංහිදියාව හා ආගමික සහයෝගිතාව වර්ධනය කිරිමේ අරමුණින් සංවිධානය කල මෙම කාර්යය සදහා උන්නච්චිය, ආයිත්තමලෛ, කරදියන්ආරු හා වව්නතිවි ප්‍රදේශයන්ට අයත් ප්‍රදේශවාසින් විශාල ප්‍රමාණයක් සහභාගිවු අතර, මෙම සමාජ සත්කාරය ඔවුන්ගේ දැඩි ප්‍රසංසාවට ලක්වන ලදි.