Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th June 2024 15:26:58 Hours

24 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් බුද්දංගල විහාරස්ථානයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

බැතිමතුන්ට සහ වන්දනාකරුවන්ට පිරිසිදු හා පූජනීය පරිසරයක් නගාසිටුවීමේ අරමුණින් එළඹෙන පොසොන් පොහොය උත්සවයට පෙර පූජනීය බුද්ධංගල විහාරස්ථානයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත මෙම පිරිසිදු කිරීම සිදු කරන ලදී. 2024 ජුනි 19 වන දින සිදු කරන ලද වැඩසටහනේ අරමුණ වුයේ පන්සල් භූමියේ එකතු වී ඇති සුන්බුන් සහ කැළිකසල ඉවත් කිරීම‍යි. 24 පාබල සේනාංකයේ 01 x 30 භඨපිරිස් ප්‍රමාණයක් පන්සල් භූමියේ පිරිසිදු කිරීම සදහා දායක වන ලදී.

පොසොන් පොහොය දින සැමරුම සඳහා දිවයිනේ නන් දෙසින් දහස් ගණන් බැතිමතුන් පැමිණීමට අපේක්ෂා කරන අතර ඔවුනට නිසි පරිදි ආගමික කටයුතු සිදු කිරිමට අවශ්‍ය සියලු විධිවිධාන සලසා දීමට විහාරස්ථාන හිමියන් සහ දායක සභාව දැඩි පරිශ්‍රමයක් දරයි. ඒ සඳහා රුකුලක් ලෙස පොසොන් පොහොය සැමරුමට සූදානම් වන විට රට පුරා සිටින බැතිමතුන් පිළිගැනීමට සහ සැමට අමතක නොවන අත්දැකීමක් ලබාදිමට අපි බලාපොරොත්තු වන්නෙමු.