Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th June 2024 06:39:46 Hours

2 (සෙව්) ගජබා රෙජිමේන්තුව විසින් චීනවරාය ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සදහා නව නිවසක් ඉදිකර දෙයි.

ආරක්ෂන සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්විම සහ සමිබන්ධිකරණය මත කොළඔ රාජකීය විද්‍යාලීය ‘88My Buddies’ සුමිතුරන් සමුහයේ මහත් වරුන්ගේ පූර්ණ මූල්‍යමය දායකත්වය මත මුල්‍ය ධන පරිත්‍යාගයෙන් 221 වන පාබල බලසේනාධිපතිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ නිලධාරින්ගේ මගපෙන්විම හා සෙසුනිලයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අංක 321/110, අරලිය මල් මාවත, 5 කණුව, නුවර පාර, චීනවරාය ලිපිනයේ පදිංචි ජීකේකේ ආනන්ද ජයරත්න මහතා සහ පවුලේ සැමට නව නිවසක් ඉදිකිරිම සදහා 2024.02.25වන දින මුල් ගල තබන ලදි.

ඒ අනුව මෙම නිවස මාස තුනක් වැනි කෙටි කාලයකින් ඉදිකර 2024.06.07 වන දින ජීකේකේ ආනන්ද ජයරත්න මහතා හා එම පවුලේ අයවළුන් හට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් මෙම නිවස භාර දෙන ලදි.

ඒ අනුව උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා බලසේනාධිපතුවරුන්ද සහභාගි විය.