Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th June 2024 20:52:31 Hours

සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහන පවත්වන ලදී.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඒස්ඒ කුලතුංග ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාරියවසමි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සම්බන්ධිකරණය හා පුර්ණ අධීක්ෂණය යටතේ වැලිකන්ද සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරිම හා ඔවුන් හට ආර්ථිකමය වශයෙන් අත්වැලක් ලබාදිමේ අරමුණින් එම පාසලේ සිසු සසුවියන් 134 දෙනෙකු සදහා අවශ්‍ය පොත් පත් හා බැග් ලබාදිම 2024.05.29 වන දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදි සිදුකරන ලදි.

මෙම උදාර කටයුත්තක් සාර්ථක කර ගැනිම හා අවැසි සියලු පොත්පත් හා බැග් ලබාදිම වෛද්‍ය ත්‍යාගරාජා තවනේසන් සහ ආවාර්ය සෙල්වරාජ් ගිරිදරන් හා අභයමි පදනමෙ දායකත්වයෙන් සිදු කල අතර උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඒස්ඒ කුලතුංග ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගිවන ලදි.

මෙම වැඩසටහන පාසැලෙහි දුවා දරැවන්ගේ නර්ථන අංග වලින් විචිත්‍රවත් වු අතර උත්සව කටයුත්ත සංවිධානය කිරිම 233 වන පාබල බලසේනා මුළස්ථානයේ බළසේනාධිපති කර්නල් ඒස්එන් විජේසිංහ යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සිදුකරන ලදි

.