Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st May 2024 15:13:18 Hours

23 වන පාබල සේනාංකයේ සේනංකාධිපති 233 වන පාබල බලසේනාවේ සංචාරයක් සිදු කරයි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී නව සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2024 මැයි 22 වන දින 233 වන පාබල බළසේනා මුලස්ථානය වෙත සිය මංගල සංචාරය සනිටුවහන් කළේය.

එහිදි බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑන්කේ පෙරේරා ෙජ්‍යෂ්ඨ නිලධාරි විසින් සේනාංධිකාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව හමුදා සම්ප්‍රයන්ට අනුකූලව ප්‍රධාන දොරටුව අසලදී පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.

එදිනට මතක සටහන් එක් කරමින් එම පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් රෝපණය කළ ඔහු භඨපිරිස් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. භටපිරිස් අමතමින් සේනාංකාධිපති භටපිරිස්වල විනය හා යුධ හමුදාවේ කිර්ති නාමය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳව අවධාරණය කළේය.

භඨපිරිස් ඇමතිමෙන් අනතුරුව සේනාංකාධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වු අතර භඨපිරිස් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී. ඉන් අනතුරුව බලසේනාධිපති විසින් බළප්‍රදේශය පිළිබදව හා බළප්‍රදේශයයේ සිදු කරන රාජකාරි පිළිබද සවිසතරාත්මක ඉදිරිපත් කිරිමකටද සහභාගි විය.

අනතුරුව සේනාංකාධිපති 7 ගැහේබ ඒකකයෙහි සංචාරයක නිරත විය. ඒහිදි 7 ගැහේබ එකකය හා අනු කණ්ඩ වෙත සංචාරය කිරීමෙන් පසු නිලධාරි නිවස්නයේදී නිලධාරීන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වීය.