Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st May 2024 15:05:53 Hours

23 වන පාබල සේනාංකයේ සේනංකාධිපති 232 වන පාබල බලසේනාවේ සංචාරයක් සිදු කරයි.

නව සේනාංකාධිපති 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජෙයෂ්ඨ නිලධාරි විසින් උනුසුම්ව පිළිගත් අතර එහිදි 12 වන ශ්‍රීලං ජාතික ආරක්ෂක බලමුලුවේ භඨපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියස දි කදවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, වැඩසටහනට අනුව එතුමන්ගේ පැමිණිම සනිටුහන් කරමින් ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිට අඹපැළයක් රෝපනය කිරීම සිදුකරන ලදි. ඉන් අනතුරුව එතුමන් විසින් බළසේනාවේ සහ ඒකකයන්හි භඨපිරිස් ඇමතීම සිදුකොට සියළුනිල තේ පැන් සංග්‍රහයකටද එක් විය.

බළසේනා නිල සංචාරය අවසානයේ නව සේනාංකාධිපති තොප්පිගල රණවිරු ස්මාරකය වෙත ගොස් එහිදි නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදි දිවි පිදු රණවිරුවන් සිහිපත් කොට මල් කළබක් තැබීමෙන් අනතුරුව බළඇණි මුලස්ථාන සංචාරය කිරිම සදහා 12 වන ශ්‍රීලංකාලං ජාජාතික ආආරක්ෂක බබලමුමුලුව භඨපිරිස් හා 4 ගැමුණු හේවා බලකායේ වෙත පිටත් වන ලදි.

මෙම අවස්ථාව සදහා 23 පාසේමු හි කර්නල් ප්‍රමානි කර්නල් ඩබ්ලිව්ජිඅයිඑස් ගමගේ යුඑස්පි, 232 පාබසේමුහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 232 පාබසේමුහි ෙජ්‍යෂ්ඨ නිලධාරින්, ලුතිතන් කර්නල් එමිසිවි ගෝමස් ශ්‍රීලසසබ, අණදෙන නිළධාරි 4 ගැහේබ, අණදෙන නිළධාරි 12 ශ්‍රීලංජාආබමු ඇතුළු ඒකකයන් හි නිලධාරින් ද සහභාගි වන ලදි.