Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th May 2024 12:09:50 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ඔඩ්ඩමාවඩි හි පැවති සිංහල භාෂා ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙයි.

මඩකලපුව සිවිල් පුරවැසි සභාව විසින් සංවිධානය කරන ලද සිංහල භාෂා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ උත්සවය 2024 මැයි 26 වැනි දින ඔඩ්ඩමාවඩියන් ජාතික පාසලේදී පැවැත්විණි.

පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 150 දෙනෙකුට සිංහල භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකය පිරිනමන ලදී. තවමත් පාඨමාලාව හදාරමින් සිටින තවත් සිසුන් 220 දෙනෙකුට ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම සඳහා අමතර සම්පතක් ලෙස පෙළපොත් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. සිය දේශනය අතරතුර ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති රටේ විවිධ ප්‍රජාවන් අතර ඵලදායී සංහිඳියාවක් සඳහා භාෂා කුසලතා වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද කාලීන අවශ්‍යතාවයක් වූ මෙවන් වැදගත් පාඨමාලාවක් සංවිධානය කිරීම සඳහා මඩකලපුව සිවිල් පුරවැසි සභාව දරන නොපසුබස්නා උත්සාහය ඔහු අගය කළේය.සිංහල භාෂාවෙන් පවත්වන ලද සංස්කෘතික නැටුම් සහ දේශන කිහිපයක් උත්සවයට විචිත්‍රවත් විය. එය මෙම සිසුන්ගේ සිංහල භාෂා කුසලතාවයේ අසාමාන්‍ය වර්ධනයට සාක්ෂියක් විය. මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක ලෙස එච්.එම් අන්වර් මහතා කටයුතු කරන ලදී.

.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, සීසීසීබී සභාපති ටී තිරුනාවුක්කසාසු, සීසීසීබී ප්‍රධාන ලේකම් එච්.එම් අන්වර්, මවුලවි එම.එම්.එස් හරූන් ෂාවි, නිලධාරී මණ්ඩලය සහ සීසීසීබී හි සියලුම සාමාජිකයින්, සිසුන් පාඨමාලාව හැදෑරූ අතර ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී විය.