Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th May 2024 10:20:50 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති විසින් කොක්කඩිචෝලේ දෙමළ සිසුන්ගේ සිංහල භාෂා පුහුණු වැඩසටහන නැරඹීම සදහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සමාජයේ විවිධ ජාතීන් අතර සංහිඳියාව සඳහා මිල කළ නොහැකි ප්‍රතිලාභ ඉලක්ක කරගනිමින් කොක්කඩිචෝලෙයි රාමක්‍රිෂ්ණ මිෂන් පාසලේ සිසුන් ඉලක්ක කර ගනිමින් සිංහල භාෂා පුහුණු වැඩසටහනක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලදී.

2024 මැයි 24 වන දින, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති කොක්කඩිචෝලෙයි රාමක්‍රිෂ්ණ මිෂන් පාසලේ මෙම උතුම් වැඩසටහනේ ප්‍රගථිය නිරීක්ෂණය කිරීම සඳහා සංචාරයක නිරත විය. මේ වන විට දෙමළ සිසුන් 103 දෙනෙකු මෙම වැඩසටහනෙන් අධ්‍යාපනය ලබමින් සිටිති. මෙම සංචාරයේදී පාසල් සිසුන් ගීත හා කතා කිහිපයකින් සිංහල භාෂා කුසලතා ප්‍රදර්ශනය කළහ.

මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය අභිප්‍රේරණ කථාවේදී වෙනත් භාෂාවක් ඉගෙනීමේ වැදගත්කම සහ එය ප්‍රදේශයේ විවිධ ප්‍රජාවන් අතර ඵලදායී ප්‍රතිසන්ධානයක් සඳහා උපකාර කළ හැකි ආකාරය අවධාරණය කළේය. මෙම ප්‍රයත්නයේ ප්‍රධාන උපදේශකයා වන H. M. අන්වර් මහතාගේ එකමුතු ප්‍රයත්නය ඔහු වැඩිදුරටත් අගය කළේය.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග, නැගෙනහිර ආරක්‍ෂක සේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.