Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd May 2024 16:36:39 Hours

ගිරිහඩුසෑය රජමහා විහාරස්ථානය අවට වටපිටාව සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් සිදුකිරිම

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 221 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර් කේ ඒ ආර් පි රත්නායක අර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගිරිහඩුසෑය රජමහා විහාරස්ථානයේ අවට වටපිටාව සහ මාර්ගය දෙපස සුද්ධ පවිත්‍ර කිරිම 2024 මැයි 18 වන දින සිදුකරන ලදී.

මෙම වැඩසටහන සදහා නිලධාරි/සෙසුනිලයින් 01x20 කින් යුත් භඨපිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.