Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2024 15:03:10 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 24 පාබල සේනාංකය වෙත සංචාරය සිදු කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 2024 මැයි 3, 4 සහ 5 යන දිනයනහි 24 වන පාබල සේනාංක මූලස්ථානයේ සිය මංගල සංචාරය සිදු කරන ලදී.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ආඥාපති ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ සම්ප්‍රාප්ථිය සමග පිවිසුම් දොරටුව අභියසදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් ලබාදෙන ලදි. එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පැමිණීම සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති විසින් 24 වන පාබල සේනාංක මූලස්ථානයේ පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරැව සමූහ ඡායාරූපයක් සදහා පෙනීසිටිමෙන් අනතුරුව 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් සේනාංකයට අයත් බලප්‍රදේශය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

භටපිරිස් අමතමින් ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් සෑම විටම විනය වෘත්තීයභාවය සහ නොසැලෙන කැපවීම පවත්වා ගැනීමේ වැදගත්කම ඉස්මතු කරමින් හරවත් දේශනයක් පවත්වන ලදී. තවද රට ජාතිය ආරක්‍ෂා කිරීමේ උදාර යුතුකම අවධාරණය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාඩම්බර සාමාජිකයන් ලෙස වෘත්තීයභාවයේ උසස් තත්ත්වයන් පමණක් නොව ධනාත්මකව රාජකාරි කරන ලෙස පැමිණ සිටි භටපිරිස් වෙතින ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ආඥාපති සියලුම නිලයන්ගේ තේ පැන් සංග්‍රහයටද සහභාගී වී සෙබළුන් සමඟ සුහදව කථා කරමින් ඔවුන් සමඟ තම අදහස් බෙදා ගැනීමටත් කටයුතු කරන ලදි. අවසානයෙ ආඥාපති විසින් 24 වන පාබල සේනාංකයේ අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතෙහි සටහනක් තැබීය.

පසුව 241 වන පාබල බලසේනාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආඥාපතිවරයා එහි පැළයක් රෝපණය කල අතර බලසේනාධිපති විසින් බළසේනාවේ කාර්ය සහ ක්‍රියාපිළිවෙත ආඥාපති වෙත පූර්ව දැනුවත් කරන ලදී.

සිය සංචාරයේ පළමු දිනයේදී ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 24 වන පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ ඉදිකෙරෙමින් පවතින දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සහ ගඩොල් ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරන ලදී. දීඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා ක්‍රියාකරන නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟ ඔහු අදහස් හුවමාරු කර ගත් අතර ඔවුන්ගේ චිත්ත ධෛර්ය ඉහල දැමීමට කටයුතු කරන ලදි.

අනතුරුව ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සෙංගමුව කෝමාරි (පොතුවිල්) සහ කල්ලඩි (මඩකලපුව) යන ස්ථානවල ස්ථානගතවී ඇති 14 ශ්‍රිලංසිරෙ ඒකකය සහ 242, සහ 243 පාබල බලසේනාවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාව සදහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.