Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th May 2024 15:53:46 Hours

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යයි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත නව රාජකාරී සදහා නික්ම යන මේජර් ජෙනරාල් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත 2024 අප්‍රේල් 30 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායට අනුව 23 පාබල සේනාංක පරිශ්‍රයේදී සමුදීමේ උත්සවයක් පවත්වන ලදී.

හමුදා සම්ප්‍රදායන්ට අනුව 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 23 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍ර‌ෙය්දී කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් මෙතුමන් හට ගෞරවය පුදකල අතර, ඉන් අනතුරුව සේනාංකාධිපති කාර්යාලයේ රාජකාරි භාරදීම සනිටුහන් කරන නිල ලේඛනයකට අත්සන් තැබීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට පැළයක් රෝපණය කළ අතර, බළප්‍රදේශයේ අණදෙන නිලධාරීන් හා සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපවලට ද සහභාගි විය. පසුව සියලු නිලයන් සමග සියලු නිළ දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී වූ අතර, නික්ම යන සේනාංකාධිපති තුමන් හට 23 වන පාබල සේනාංකයේ නිළධාරීන් හා සෙසුනිළයින් විසින් එතුමන්ගේ සේවය ඇගයීම් සදහා සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. අනතුරුව, භඨපිරිස් ඇමතූ එතුමන් ප්‍රදේශයේ සිවිල් සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කරමින් සාමකාමී පරිසරයක් ඇති කිරීම සඳහා උසස් වෘත්තීය මට්ටමින් පවත්වාගෙන යන සහ ඉටු කරන ලද සේවාව සම්බන්ධයෙන් සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව පුද කරන ලදී.