Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th April 2024 11:17:11 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති 23 වන පාබල සේනාංකයේ සංචාරයක් සිදුකරයි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් ශවාන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි ආරම්භ කිරිමෙන් පසු 2024 අප්‍රේල් 27 වන දින 23 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සංචාරයක් සිදු කරන ලදී.

23 වන පාබල සේනාංකය වෙත පැමිණි ආඥාපතිවරයා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. නව ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රධාන දොරටුව අසලදී සම්මාන මුරයක් පිරිනමන ලදි‍.

23 වන පාබල සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදීමෙන් අනතුරුව නව නැගෙනහිර ආඥාපති විසින් 23 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සිය මංගල සංචාරය සිහිකිරීම සඳහා "අඹ" පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද සහභාගී විය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් ශවාන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 23 වන සේනාංකයේ සියලුම නිලයන් ඇමතමින් පවසා සිටියේ විනය ඉහල මට්ටමකින් සහ සිදු කරනු ලබන රාජකාරිය ඵලදායිව සහ කැපවීම සාර්ථකත්වය තුලින් රාජකාරි කිරිම සෑම දෙනාගේම වගකීම බව වැඩිදුරටත් අවධාරණය කලේය. රාජකාරි කිරිමේදී සියලු දෙනාම "එක් කණ්ඩායමක්" ලෙස කටයුතු කිරීම තමා විසින් බලාපොරොත්තු වන බවද පවසන ලදි. අනතුරුව, සියලුම නිලයන් සමග නව ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිවරයා තේ පැන් සංග්‍රහයකට සහභාගිවී සියලු දෙනා සමග සුහද කතාබහක නිරතවිය.

23 වන පාබල සේනාංකයේ සහ බලසේනාධිතිවරු සහ අණදෙන නිලධාරින් විසින් තම ඉටු කරන කාර්යය භාරය, කාර්යයන් සහ ඉදිරි මෙහෙයුම් පිලිබදව සවිස්තරාත්මක දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නව ආඥාපති වෙත සිදු කරන ලදී. ඉන් අනතුරුව, එම බලප්‍රදේශවල ආරක්ෂක සහ පරිපාලන ගැටළු වලට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් නිසි උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි‍.