Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd April 2024 08:00:54 Hours

ධූරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 15 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ධූරකාලය තුළදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.