Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th April 2024 10:50:11 Hours

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් සේරුවාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

සේරුවාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත මල්ලිකා චන්ද්‍රලතා මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් මස 11 දින එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් නිවාස ලාභීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී මගපෙන් වීම යටතේ 222 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 9 ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාස 03 ක කෙටි කාලයක් තුලදී නව නිවසේ ඉදිකිරීම් සිදු කරන ලදී. නව නිවස ඉදිකිරීම සඳහා චින්තික අබේරත්න මහතා විසින් අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

නව නිවස ප්‍රථිලාභීන් වෙත භාරදීමේ උත්සව අවස්ථාවට 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පරිත්‍යාගශීලී ධානපතියන්, චින්තික අබේරත්න මහතා, භාතිය ජයකොඩි මහතා සහ ගම්වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.