Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th April 2024 20:48:29 Hours

5(සෙව්) ශ්‍රිලකාහ ඒකක බලප්‍රදේශයේ කන්තලේ වෙළුන්නා රජමහා විහාරස්ථානයේදී ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වයි.

222වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම යටතේ හා 5(සෙව්) කාලතුවක්කු රෙජිමේන්තවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ඩබ්එම්පීබී වෑකඩපොල යුඑස්පී පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2024 මාර්තු මස 31 වන දින කන්තලේ මුලික රෝහල හා ත්‍රිකුණාමලය රෝහලේ ලේ බැංකුවල සම්බන්ධතාවයෙන් මෙන්ම 5(සෙව්) කාලතුවක්කු රෙජිමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානයකර ඇති අතර මේ සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5(සෙව්) කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහ සෙනින්ගේ ස්ව කැමැත්තෙන් මෙම මහගු සමාජ සත්කාරයට දායක වු අතර, මේ සදහා සිවිල් වැසියන් ඇතුලුව 45 දෙනෙකු සහභාගි වන ලදී.