Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st January 2024 11:29:39 Hours

22 වන පාබල සේනාංක බලප්‍රදේශය තුල අවශතා ඇති පවුල් 03ක් සඳහා නව නිවාස ඉදිකිරිමට මුල්ගල් තබයි

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බලප්‍රදේශයේ ස්ථාපිත 221, 222 සහ 223 වන පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශයන් තුල ජීවත් වන අවශ්‍යතා ඇති පවුල් 03ක් වෙනුවෙන් නව නිවාස තුනක් ඉදිකිරීම සඳහා 2024.01.28 සහ 29 යන දිනයන්හීදි ආගමික චාරිත්‍රානුකූලව මුල්ගල් තැබිමේ උත්සවයන් පවත්වන ලදී.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව මෙම බලප්‍රදේශයේ ජීවත් වන සිවිල් ජන සමාජය සමග සහයෝගීතාවය සහ සංහිදියාව, යුධ හමුදාවේ කීර්ති නාමය ඉහළ නැංවීමේ පරමාදර්ශි චේතනාව මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ මෙම නව නිවාස ඉදිකිරිම සඳහා මූල්‍ය දායකත්වය ලබාගෙන ඇත.

221 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 2(සෙව්) ගජබා රෙජිමේන්තු ඒකක බලප්‍රදේශයට අයත් අංක 81/1, ගාමිණි දිසානායක මාවත, මහමායාපුර ලිපිනයේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වන යශෝධරා ලක්මාලි පෙරේරා මහත්මිය හට නව නිවසක් ඉදිකිරිම සඳහා 2024.01.28 දින මුල්ගල් තැබු අතර, එම නිවසේ ඉදිකිරිම් සඳහා මූල්‍ය දායකත්වය ව්‍යාපාරික රොහාන් ගුණසේකර මහතා විසින් ලබාදි ඇත.

222 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 9වන විජයබාහු පාබල රෙජිමේන්තු ඒකක බලප්‍රදේශයට අයත් එල්බි 07, දෙහිවත්ත, නිලපොල ලිපිනයේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වන මල්ලිකා චන්ද්‍රලතා මහත්මිය හට නව නිවසක් ඉදිකිරිම සඳහා 2024.01.29 දින මුල්ගල් තැබු අතර, එම නිවසේ ඉදිකිරිම් සඳහා මූල්‍ය දායකත්වය ව්‍යාපාරික චින්තික අබේරත්න මහතා විසින් ලබාදි ඇත.

223 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 15වන ශ්‍රිලංකා පාබල හමුදා ඒකක බලප්‍රදේශයට අයත් තිස්සපුර, මොල්ලිපතාන ලිපිනයේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වන එච්ඒඒසී දිනේෂ් කුමාර මහතා හට නව නිවසක් ඉදිකිරිම සඳහා 2024.01.29 දින මුල්ගල් තැබු අතර, එම නිවසේ ඉදිකිරිම් සඳහා මූල්‍ය දායකත්වය පරිත්‍යාගශීලී හා ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතා විසින් ලබාදි ඇත.

එක් නිවසක් සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය මුදල රුපියල් මිලියන 1.35 ක් වන අතර, එම යෝජිත නව නිවාස මාස 03 ක් ඇතුළත ඉදිකර සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.