Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd January 2024 10:26:01 Hours

22 වන පාබල සේනාංකය යටතේ ඇති භටපිරිස් විසින් සේරුවිල මංගල රාජමහා විහාරයේ දහම් පාසල් ළමුන් සදහා දිවා ආහාර වේලක් ලබාදිමේ වැඩසටහනක්

22 වන පාබල සේනාංකයේ රාජකාරි නිරත නිලධාරි/සෙසුනිලයින් විසින් සේරුවිලමංගල රාජමහා විහාරයේ දහම් පාසලහි ඉගෙනුම ලබන දහම් පාසල් සිසුන් 250 කට දිවා ආහාර වේලක් ලබාදිම බම්බලපිටිය, රාජා ජුවලර්ස් ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක වන අතුල එලියපුර මහතාගේ ධන පරිත්‍යාගයෙන් 2023 දෙසැම්බර් මස 31 වන ඉරුදින පවත්වන ලදි. මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වය, පුර්ණ අධික්ෂණය හා සම්බන්ධිකරණ දායකත්වය යටතේ, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විමෙන් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන ඉදිරි දිනයන් වන ජනවාරි 07 සහ 14 යන දෙදින තුලදිද පැවැත්විමට සැලසුම් කර ඇති අතර, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්විම යටතේ සිදුකරන ලබන මෙම සත්කාරක වැඩසටහන් වර්ථමාන විහාරාධිපති හිමියන් වන අති පුජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමි විසින් ඉතා ප්‍රසංශනීය ඇගයිමට ලක් කරන ලදී.