Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2023 14:29:36 Hours

223 වන පාබල බලසේනාව නත්තල් කැරොල් ගීප්‍රසංගයක් පවත්වයි

223 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මුතුර් ශාන්ත අනා දෙවස්ථානයේ කැරොල් ගී කණ්ඩායමේ සහභාගිත්වයෙන් 2023 දෙසැම්බර් මස 26 වන දින මෙම පාබල බලසේනා මුලස්ථානයේ දී හා මූතූර් නගරයේ ස්ථාන කිහිපයක කැරොල් ගී ප්‍රසංගයක් පවත්වන ලදී. මෙම කැරොල් ගී ප්‍රසංගයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස මෙම බලසේනාවේ බලසේනාධිපතිතුමන් හා ශාන්ත ආනා දෙවස්ථානයේ ප්‍රධාන පුජකතුමන් සහභාගි විය.

තවඳ මෙම කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සඳහා මෙම පාබල බලසේනාවේ නිලධාරි,සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් ද සහභාගිවු අතර, පැමිණි කැරොල් ගී කණ්ඩායම සදහා රස කැවිලි සමඟ තේ පැන් සංග්‍රහයක් ලබාදෙන ලදී.