Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2023 14:07:50 Hours

24 පාබල සේනාංකය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් දැරියන්ගේ නායකත්වය වර්ධනය කිරිම සදහා නායකත්ව වැඩසටහනක් පවත්වන ලදි

නායකත්වය වැඩිහිටි වියට සීමා නොවේ; එය කුඩා කල සිටම පෝෂණය කළ හැකි කුසලතාවකි. මෙය හඳුනා ගනිමින් 2023 දෙසැම්බර් 18 වන දින අම්/බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සහ දමන මහා විද්‍යාලයේ බාලිකා සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව වැඩසටහනක් 24 සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් තරුණ සිත් තුළ මූලික නායකත්ව ගුණාංග ඇති කිරීම, අනාගතයේදී විශ්වාසවන්ත, වගකිවයුතු සහ ඵලදායී නායකයන් වීමට ඔවුන් දිරිගැන්වීම සදහා නායක්ව වැඩසටහන පවත්වන ලදි.

8ශ්‍රේණිවල සහ ඉන් ඉහළ ශ්‍රේණිවල ගැහැණු ළමයින් සඳහා සකස් කරන ලද නායකත්ව වැඩසටහන සාම්ප්‍රදායික පන්ති කාමර විෂය මාලාවෙන් ඔබ්බට ගිය මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ මෙම තරුණ මනස ඔවුන්ගේ ක්‍රියාවන් භාර ගැනීමට, දැනුවත්ව තීරණ ගැනීමට සහ ඔවුන්ගේ අධ්‍යාපන ගමනේදී හොඳින් සේවය කිරීමට පමණක් නොව ජීවිතයේ විවිධ පැතිවල නායකත්ව භූමිකාවන් සඳහා ඔවුන්ව සූදානම් කරන ගුණාංග වර්ධනය කිරීමට දිරිගැන්වීම සහ බලගැන්වීම සඳහාය.

සාමූහික වැඩ, සහයෝගීතාවය සහ ඵලදායී සන්නිවේදනයේ වටිනාකම සිසුන් ඉගෙන ගත්හ. අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් ව්‍යාපෘති හරහා ඔවුන් සාර්ථක නායකත්වයක් සඳහා අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කරයි. මෙම වැඩසටහන සිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට, ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට සහ සාකච්ඡාවලට සහභාගීවීමට ආරක්ෂිත පරිසරයක් සපයමින්, ඔවුන්ගේ ස්වයං අධ්‍යනය ඉහළ නංවන ලදි.

නායකත්ව කුසලතා වඩවඩාත් වැදගත් වන යුගයක, සිසුන්ට නායකත්ව සංකල්ප හඳුන්වාදීම දිගුකාලීන ප්‍රතිලාභ ලබාදෙන ඉදිරි චින්තන ප්‍රවේශයකි. සේනාංකාධීපතිගේ නායකත්ව වැඩසටහන තරුණ මනසෙහි නායකත්ව සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සමස්ත සමාජයේ වර්ධනයට සහ ප්‍රගතියට දායකවිය හැකි ආකාරය නිදර්ශනය කරයි. මෙම තරුණ නායකයින් ඔවුන්ගේ අධ්‍යාපනික ගමන දිගටම කරගෙන යන විට, ඔවුන් අවට ලෝකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සූදානම්ව උගත් පාඩම් ඔවුන් සමඟ රැගෙන යයි.

නායකත්ව වැඩසටහනට අමතරව සේනාංකාධිපති විසින් පරිසර සංරක්ෂණය සඳහා මී පැල 90 ක් (Madhucalongifolia) සිසුන් අතර බෙදා දෙන ලදී. එය දිවා රාත්‍රිය පුරාවට පරිසරයට ඔක්සිජන් මුදාහරින බව විශ්වාස කෙරේ. තවද සිසුන්ට සහ ගුරුවරුන්ට රසවත් දිවා ආහාරයක් සහ උදෑසන සහ සවස තේ වලින් සංග්‍රහ කරන ලදී.

මෙම අවස්ථාවට කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් ටීකේඩි ධර්මසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කර්නල් පාලන/භකාස, කර්නල් එන්එව් අබේසේකර, 24 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ විදුහල්පතිවරු ඇතුළු විදුහල් කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.