Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2023 10:06:46 Hours

24 වන පාබල සේනාංකය විසින් ළමා දින වැඩසටහන් බලප්‍රදේශය පුරා සංවිධානය කරන ලදී

2023 ලෝක ළමා දිනය නිමිත්තෙන් 24 වන පාබල සේනාංකය විසින් 2023 ඔක්තෝම්බර් 01 සහ 02 යන දෙදින තුළ බලප්‍රදේශය පුරා ළමා දින වැඩසටහන් සංවිධානය කරන ලද්දේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මගපෙන්වීම මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒඑම්සි කුමාරසිංහ විසින් මෙම උත්සව සංවිධානය කරන ලදී.

24 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් කල්මුනේ විෂන් හෝප් මධ්‍යස්ථානයේ පිහිටි විෂන් හෝප් පෙර පාසලේ ළමුන් 45 දෙනෙකු සඳහා ත්‍යාග බෙදාදීම සහ දිවා ආහාරය ලබාදෙන ලදී. 241 වන පාබල බලසේනාව අක්කරපත්තුව අම්මාන් මහලිරිල්ල කාන්තා ළමා නිවාසයේ සිසුන් 43 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලය සඳහා දිවා ආහාරය සමඟ පාසල් පොත් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම 242 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් මනල්චේන ජිටීඑම් කනිෂ්ඨ විද්‍යාලය සහ තුලසි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 153 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙම උත්සව දෙක සඳහාම පාසල් පොත් පරිත්‍යාග කරනු ලැබුවේ පුරාණ මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් සහ දහම් පාසලේ සිසුන් විසිනි.

තවද, ලාහුගල මගුල් මහා විහාරයේ දහම් පාසලේ ළමුන් 85 දෙනෙකු සහ ගුරුවරුන් 11 දෙනෙකු සඳහා 14 වන බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් දිවා ආහාර ලබාදී ඇත. 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුන් 40 දෙනෙකු සඳහා පාසල් පාවහන් සහ පාසල් උපකරණ බෙදාදීම සහ දිවා ආහාරය ලබාදීම සමඟ විනෝදාස්වාදය සඳහා බලඇණියේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී.

ලෝක ළමා දිනයට සමගාමීව 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භට පිරිස් විසින් සාන්ත ජෝසප් දේවස්ථානයේ පෙර පාසලේ ළමුන් 30 දෙනෙකු සහ අවතැන් වූ ළමුන් 15 දෙනෙකු සඳහා ත්‍යාග බෙදාදීම, දිවා ආහාරය ලබා දීම සහ විනෝද ක්‍රීඩා සංවිධානය කිරීම ද සිදු කරන ලදී. 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් විසින් නීත්ත සියපත් පෙර පාසලේ ළමුන් 10 දෙනෙකු වෙත දිවා ආහාරය සහ ත්‍යාග බෙදාදෙන ලදී. 16 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් විසින් මරනාත පෙරපාසල් අන්නමලේ සිසුන් 44 දෙනෙකු සඳහා දිවා ආහාරය සහ පාසල් උපකරණ ලබාදෙන ලදී.

සෑම ඉසව්වක්ම ළමයින් යුද හමුදා සෙබලුන් සමඟ සතුටින් සමරන ලදි. බළඇණිවල අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් වැඩසටහන් සඳහා උපරිම දායකත්වය ලබාදුන් අතර, මෙම අවස්ථාවට පෙර පාසල් සහ පාසල්වල ගුරුවරුන්ද, දරුවන්ගේ දෙමාපියන් ද පැමිණ සිටියහ. තවද, මෙම වැඩසටහන් ඔවුන්ගේ ඇගයීමට සහ ප්‍රසන්ශාවට ලක් කරන ලදි.