Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2023 10:00:55 Hours

23 වන පාබල සේනාංකයේ අලුත් සහල් මංගල්‍ය උත්සවයක් පවත්වයි

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංක මුලස්ථාන සෙනීන් විසින් “යල කන්නය” සදහා 23 වන පාබල සේනාංකයට අයත් සිද්ධපුර කුඹුරෙහි අක්කර 23ක පමණ ප්‍රමාණයක් අස්වද්දන ලද අතර, එහි වී අස්වනු නෙලීමෙන් පසු23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් අලුත් සහල් මංගල්‍ය උත්සවය සංවිධානය කරන ලදී.

ඒ අනුව 23 පාබල සේනාංක මුලස්ථාන ගොවිපලට අයත් සිද්ධපුර කුඹුරෙහිදි 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති fමිජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 23 වන පාබල සේනාංකයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 29 වන දින පුරාණ චාරිත්‍රයන්ට අනුව කිරි උතුරුවා ආගමික වතාවත් සිදුකර පළමු කිරිපිඩ ගණදෙවියන් වෙත පුජා කර ආගමික වතාවත් ඉටුකරන ලදී