Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd September 2023 11:58:21 Hours

22 පාබල සේනාංකය විසින් 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 221, 222 හා 223 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන් සහ 22 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් 18 වන දින සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන මගින් 5 ශ්‍රේණියේ සිසුන් 1555 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වූ අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර ගංගොඩවිල පැරණි විද්වත් මිතුරු සංගමයේ ආදි ශිෂ්‍ය මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් හා ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ 'පහට පහක්' සංකල්පය යටතේ මෙම මහඟු සමාජ සත්කාරය සිදුකරන ලදි.

221 පාබල බලසේනාවේ බළසේනාධිපති හා 20 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජයන්තිවැව ප්‍රාථමික විද්‍යාලයේදී සංවිධානය කරන ලදී. 222 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 5 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී විසින් කන්තලේ සීනිපුර 5 (සෙව්) ශ්‍රීලකාහ කඳවුරු පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද වැඩසටහන කන්තලේ අධ්‍යාපන කලාපයේ පාසල් 29 කට අයත් පාසල් සිසුසිසුවියන් 1072 ක් සදහා මෙම ප්‍රශ්ණ පත්‍ර කට්ටල බෙදා දෙන ලදි. තවද ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මැදවච්චිය මහා විද්‍යාලයේ සහ මොරවැව විද්‍යාලයේ සිසුන් 307 දෙනෙකු සඳහා 223 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.