Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th September 2023 11:11:57 Hours

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න උසස්වීමෙන් පසු උපහාර ලබයි

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ‌ෙමිජර් ජෙනරාල් කේවීඒන්පී ප්‍රේමරත්න ආර්ඒස්පි යුඒස්පී පීඒස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ‌ෙමිජර් ජෙනරාල් නිළයට නිළ උසස් කිරී‌මෙන් පසු යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුහද හමුවට සහභාගී වීමෙන් අනතුරුව 23 පාබල සේනාංක මුලස්ථානයේ නිලධාරීන් හා සෙසුනිළයින් විසින් 2023.09.16 වන දින යුද්ධ හමුදා සමිප්‍රධායට අනුව උපහාර පිරිනැමී‌‌ෙමි උත්සවයක් සංවිධානය කරන ලදි.

එහිදී 9 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සමිමාන මුරයක් පිරිනැමූ අතර, අනතුරුව හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන පෙළපාලියක්ද පිරිනමන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලබාගැනි‌‌ෙමි අවස්ථාව මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් තම කාර්යාලයේදී සිදුකරන ලද අතර, tම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන කාර්යාල සංකිර්ණය ඉදිරිපිට අඹ පැළයක් රෝපණය කිරීම ද සිදු කරන ලදී.

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සියලු නිළ තේ පැන් සංග්‍රහයට එක් වූ අතර, අනතුරුව 23 පාබල සේනාංක මූලස්ථානයේ භඨපිරිස් අමතා උපහාර උත්සවයේ කටයුතු අවසන් කිරීමට ද එක් විය.

මෙම උපහාර උළෙල සඳහා 23 වන පාබල සේනාංකයේ යටතේ ස්ථානගත පාබල බළසේනාවල බලසේනාධිපතිවරුන් සහ බලඇණිවල අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිළයින් සහභාගි වූහ.