Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd August 2023 12:24:42 Hours

යුද්ධ හමුදා සෙබලියකගේ ගිනිගෙන විනාශ වු නිවස අලුත්වැඩියා හා ප්‍රතිසංස්කරණය කර භාරදිම

3 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් 24 වන පාබල සේනාංකයේ පාලන රාජකාරි කරනු ලබන අක්කරපත්තු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු ද්‍රවිඩ ජාතික සෙබළියක වන සෙ/ආර්102690 කාසෙ ඩිරෝනා ටි කාන්තා සෙබලියගේ මව සහ පියා කුඩා කාලයේදිම අහිමිවි ඇති අතර ඇය කුඩා කාලයේ සිට හදාවඩා ගත් ඇයගේ සීයා සහ ආච්චී සමග අක්කරපත්තු ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිට ඇති අතර, පසුව ඇතිවු අනපේක්ෂිත ගිණී ගැනිමක් හේතුවෙන් මෙම නිවස මුලුමනින්ම දැවි ගොස් ඇය හා ඇගේ වයෝවෘද්ධ සීයා සහ අච්චී ඉතා අසරන තත්වයට පත්වීම හේතුවෙන් ඇය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 24 වන පාබල සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම මත 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මූලිකත්වය, සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය යටතේ 11 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ සෙබලුන්ගේ පුර්ණ ශ්‍රමදායකත්වයෙන් අක්කරේපත්තුව ද්‍රවිඩ හා මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ රු 842,754.00 මුල්‍යයාධාර හා ද්‍රව්‍යයමය ආධාර මත 2023.04.27 දින අලුත්වැඩියා හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරමිභ කරන ලදී.

මෙම නිවස 2023.08.20 වැනි දින මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යුඑස්පී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් විවෘත කර ඔවුන්ගේ ජීවිතය නැවත ආරම්භ කිරීමට අත්‍යවශ්‍ය ගෘහ විදුලි උපකරණ සමග කාන්තා සෙබල ඩිරෝනා ටී සහ ඇගේ මිත්තණිය වෙත යතුරු නිල වශයෙන් භාර දෙන ලදී.මෙම අවස්ථාව සදහා ආලයඩිවෙමිබු ප්‍රාදේශීය ලේකමි පි පාකරන් මහතා සහ ප්‍රදේශයේ මුස්ලිම් සහ දමිල ව්‍යාපාරික මහතුන් මෙන්ම ප්‍රදේශවාසින් රාශීයක් සහභාගි විය. එමෙන්ම මෙම අවස්තාවට සහභාගි වු සාමාන්‍යය ජනතාව වෙත දිවා ආහාර පාර්සල් 200 පමණ බෙදාදෙන ලදි. හද උණුසුම් කරවන මෙම අවස්ථාව සහයෝගීතාවයේ සහ සංවේදනයේ ඇති ශක්තිය ඉස්මතු කරයි. තවද මෙම අවස්තාව විවිධ ප්‍රජාවන්ගේ සහයෝගය මත උපකාර අවශ්‍ය අය නගා සිටුවීමට සහ උපකාර කිරීමට එක්විය හැකි ආකාරය පෙන්වයි.