Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th August 2023 12:54:11 Hours

24 වන පාබල සේනාංකය විසින් දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා අනුස්මරණය සදහා පුණ්‍යානුමෝදනා පිංකමක් පවත්වන ලදි

ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් කළ දායකත්වය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සුවිශේෂී චරිතයකි. එතුමාගේ 31 වැනි ගුණ සමරුව නිමිත්තෙන් 2023 අගෝස්තු 08 වන දින 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී පුණ්‍යානුමෝදනා පිංකමක් පවත්වනු ලැබුවේ ඔහුගේ කැපකිරීම් සහ රට වෙනුවෙන් ඉටුකල සේවය සිහිපත් කරමිනි.

1992 අගෝස්තු 8 වැනිදා යාපනයේ අරලි තුඩුව හරහා යමින් සිටියදී එල්.ටී.ටී.ඊ බිම්බෝම්බයකට හසුවී නිලධාරීන් සහ සෙසු නිලයන් නව දෙනෙකු සමඟ දිවි පිදූ දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සිහිකර පුණ්‍යානුමෝදනා පිංකමක් පැවැත්වීම ඔහුගේ මතකයට ගෞරව කරන හෘදයාංගම අභිනයකි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සීගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම පුණ්‍යානුමෝදනා පිංකම සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු භට පිරිස් 200ක පමණ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.