Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

සබැදිය

මේජර් ජෙනරාල් කේඩබ්ලිවි ජයවිිර යුඑස්පි පිඑස්සි
පාබල සේනාංකාධිපති
24 පාබල සේනාංකය

මේජර් ජෙනරාල් විජයනාත් ජයවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1973 ක් වු නොවැම්බර් මස 22 වන දින කේ මහින්ද ජයවීර මහතාට සහ ආර්කේ ලුසියන් ජයවීර මහත්මියට දාව මීරිගමදි උපත ලබා ඇත.

දිවයිනේ කීර්තිමත් පාසලක් වන කෑගලු විද්‍යාලයෙහි කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් විජයනාත් ජයවිර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වනවාත් සමගම එල්ටිටිඊ ත්‍රස්ථවාදින් විසින් අප මාතෘභූමියට ප්‍රභල තර්ජනයක් එල්ලකර තිබු අවදියක තම පාසලෙන් ලද පන්නරයත් දෙමව්පියන්ගේ ලද ආශිර්වාදයත් මත මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සුරැකිමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව වර්ෂ 1992 ක් වු පෙබරවාරි මස 10 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට එක්ව පාඨමාලා අංක 37 යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් සහ පාකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් පුහුණුව ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව නිමා කිරිමෙන් පසු වර්ෂ 1992 ක් වු දෙසැම්බර් මස 19 වන දින දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කිර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත්ව 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස තම යුද්ධ හමුදා දිවිය ආරම්භ කර ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 10 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, විධායක අධිකාරි, නිලධාරි අණදෙන හා දෙවන අණදෙන නිලධාරි ලෙස ඉතා විශිෂ්ඨ රාජකාරියක් ඉටු කර ඇත.

ඉන් අනතුරුව 2007 වර්ෂයේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ස්ථාපිත විමත් සමගම එතුමන් දෙවන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත ඇතුලත් වන ලදි. එහිදි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි ඉටුකර ඇත.

තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුල, මාණ්ඩලික නිලධාරි තනතුරු රාශියක් හොබවා ඇත. ඒ අතර මාණ්ඩලික නිලධාරි III - යුද්ධ හමුදා මුලස්ථානය, මාණ්ඩලික නිලධාරි II - ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, මාණ්ඩලික නිලධාරි II - ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I - යුධ ලේකම් ශාඛාව, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා) - ආරක්‍ෂක සේනා මුලස්ථානය යාපනය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I - මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂක මණ්ඩලය, මාණ්ඩලික නිලධාරි - සාම සාධක රාජකාරි හයිටි රාජ්‍යය වශයෙන් රාජකාරි ඉටුකර ඇත.

තවද, මෙතුමන් නිලධාරි අණදෙන - රන්දෙනිවල කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨය දියතලාව, ප්‍රධාන උපදේශක - යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය, ජේෂ්ඨ උපදේශක - නිලධාරි ප‍්‍රගමන ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය බුත්තල, උපදේශක - ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, සේනාවිධායක - යාන්ත‍්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය පෙරියකඩ්ඩු, වශයෙන් රාජකාරි ඉටුකොට ඇති අතර, මෙතුමා ආරක්‍ෂක ලේකම්තුමාගේ යුධ සේවා සහයක වශයෙන්ද රාජකාරි ඉටුකර ඇත.

මේජර් ජෙනරාල් විජයනාත් ජයවීර ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 552 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරි ඉටුකර ඇති අතර, විශේෂයෙන් මෙතුමා එංගලන්තයේ ලන්ඩන්හි මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන්ද රාජකාරි ඉටුකොට ඇත.

සිය වෘත්තිමය හමුදා ජීවිතය තුල අත්දැකීම් බහුල නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාව වෙත සුවිශේෂී දායකත්වයක් ලබාදුන් මෙතුමන් දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක්ද හදාරා ඇත.

දේශීය පාඨමාලා ලෙස,

  • කෙඩෙට් නිලධාරි පාඨමාලාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨය දියතලාව
  • බළඇණි අධාරක අවි පාඨමාලාව - පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය
  • කණිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨය දියතලාව
  • ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලාව - ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බටලන්ද

එසේම විදේශ පාඨමාලා වශයෙන්,

  • කෙඩෙටි නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය
  • බළඇණි ආධාරක අවි පාඨමාලාව - ඉන්දියාව
  • තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය
  • කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව
  • ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලාව - පාකිස්ථානය වෙතින් සාර්ථකව හදාරා ඇත.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් රටවල් රැසක සංචාරය කිරීමටද අවස්ථාව ලැබී ඇත.

පුරා වසර 33 කට අධික කාලයක් මාතෘ භූමියේ උන්නතිය උදෙසා තම රුධිරය සහ දහඩිය කැප කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රුදුරු ත‍්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරාගැනීම සදහා දියත්කරන ලද මෙහෙයුම් රාශියකට තම සක‍්‍රීය දායකත්වය ලබා දී ඇත.

තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් තම සේවා කාලය තුල නිකලැල් සේවයකට හිමිකමි කියන අතර එය ඇගයිම වස් එතුමා උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇත.

වර්ෂ 1997 ක් වූ නොවැම්බර් මස 19 වන දින චිත‍්‍රානි ගුණසිංහ මෙනවිය සමග විවාහ වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පුතණුවකු සහ දියණියකගේ ආදරණීය පියෙකු වේ.