Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

සබැඳිය

මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම්
සේනාංකාධිපති
23 පාබල සේනාංකය

මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් 23 වන පාබල සේනාංකයේ වත්මන් සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකරනු ලබන අතර, ඔහු මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. 1990 වර්ෂයේ සැප්තැම්බර් 07 වැනි දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත බැදී ශ්‍රී ලංකා යුද හමුදා ගමන් මග ආරම්භ කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වැඩිදුර පුහුණුවීම් සඳහා පකිස්ථාන් හමුදා විද්‍යාපීඨයට ඇතුලත්ව යුද හමුදා මූලික පුහුණුවීම් සාර්ථකව නිම කිරීමෙන් පසු, 1991 මාර්තු මස 13 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 2 ලුතිතන්වරයෙකු වශයෙන් පත් කරන ලදී.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය කීර්තිමත් යුධ හමුදා දිවිය පුරාවටම, රෙජිමේන්තුව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි පත්වීම් ලැබ, කැපවීම සහ නායකත්ව කුසලතා ප්‍රදර්ශනය කර කැපී පෙනෙන නිර්භීත සහ සුවිශේෂී නිලධාරියෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී ඔහුගේ කීර්තිමත් හමුදා දිවිය තුළ පහත සදහන් අණදීම්, මාණ්ඩලික සහ උපදේශක තනතුරු හොබවා ඇති යුද හමුදාවේ පිළිගත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වරයෙකි.

  • රැළි නිලධාරි - 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • ඛණ්ඩ භාර නිලධාරි - සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය
  • රැළි නිලධාරි - 1 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • උප බලඝණාධිපති - 1 වනවිමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • සහකාර විධායක අධිකාරි - 1 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • විධායක අධිකාරි - 6 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධබලකාය
  • කාර්මික අධිකාරි - 6 වන ආධාරකරෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධබලකාය
  • නිලධාරී අණදෙන - තාක්ෂණික පුහුණු පාසල හා සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය
  • නිළධාරී අණදෙණ - බී බලඝණය සහ මූලස්ථාන බලඝණය - 5වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • දෙවන අණදෙන නිලධාරී - 8 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • වැඩබලන අණදෙන නිලධාරි - 8 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය
  • මණ්ඩලික නිලධාරි 1 (සම්) - 57 පාබල සේනාංකය
  • මාණ්ඩලික නිලධාරි 1 (පාලන) - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • අණදෙන නිලධාරී - 9 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • අණදෙන නිලධාරී - 1 වන විමර්ෂණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි - යුධ හමුදා මූලස්ථානය
  • මාණ්ඩලික නිලධාරි 1 - සන්නද්ධ බලසේනා මුලස්ථානය
  • මාණ්ඩලික නිලධාරි 1 - ජාතික රයිෆල් සංගමය.
  • සේනාවිධායක - සන්නද්ධ බලකාය පුහුණු මධ්‍යස්ථානය
  • කර්නල් මාධ්‍ය - මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය, යුධ හමුදා මූලස්ථානය
  • බළසේනාධිපති - 221 පාබල බලසේනාව
  • මධ්‍යස්ථාන සේනාවිධායක - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • බළසේනාධිපති - සන්නද්ධ බළසේනා මුලස්ථානය
  • සේනාවිධායක - ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල, දියතලාව

ඔහුගේ දීර්ඝ යුද්ධ හමුදා රාජකාරි කාලය තුලදී පහත සදහන් දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා ගණනාවක් හදාරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

  • මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව
  • නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව
  • නිලධාරි ශාරීරික පුහුණු පාඨමාලාව - බංග්ලාදේශය
  • තරුණ නිලධාරි පාඨමාලාව - පකිස්ථානය
  • BTR 80/80A පුහුණුව - රුසියාව
  • උපදේශක නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව
  • කනිෂ්ඨ මාණ්ඩලික මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පකිස්ථානය
  • එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අණදෙන නිලධාරී පාඨමාලාව - බංගලාදේශය
  • සංග්‍රාමික කණ්ඩායම් අණදෙන නිලධාරී පාඨමාලාව 23 - ඉන්දියාව