Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th July 2023 12:38:11 Hours

23 වන පාබල සේනාංක මුලස්ථානයේ - 26 වන සංවත්සරය සැමරීම

23 වන පාබල සේනාංක මුලස්ථානයේ 26 වන සංවත්සරය 2023 ජුලි මස 23 වන දිනට යෙදී තිබු අතර, ඒය සැමරීම සදහා වැඩසටහන් රාශියක් මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

2023.07.20 වන දින මඩ/කකු/කිරිමිචිචෝලෙයි දෙමළ මිශ්‍ර පාසල කල්කුඩා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත දිවා ආහාරය ලබාදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 2023.07.21 වන දින සවස 23 වන සේනාංක චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස මියගිය සියලුම රණවිරුවන්ට හා විශේෂයෙන් 23 සේනාංකයේ රාජකාරී කර මියගිය රණවිරුවන් වෙනුවෙන් සෙත් පතා බෝධි පුජා පිංකමක් පවත්වන ලදී. 2023.07.23 වන දින කදවුරු මුරයක් සේනාංකාධිපති තුමන් වෙත පිරිනැමීමෙන් පසු කදවුරු භුමිය තුල පැල රෝපණයක් සිදුකිරීමෙන් අනතුරුව පාබල සේනාංකයේ රාජකාරී නියතු සියලුම නිලධාරී/සෙසුනිලයින් සදහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. අණතුරුව සේනාංකාධිපති විසින් මෙම පාසේමුට අයත් සියලුම භඨපිරිස් ඇමතීමක් සිදුකරන ලදී. 2023.07.25 වන දින මෙම පාසේමුහි රාජකාරී කරනු ලබන සිවිල් සේවක මහතුන් හට දිවා භෝජන සංග්‍රහයක් පිලිගන්වන ලදී.