Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd July 2023 13:03:54 Hours

22 වන පාබල සේනාංකය විසින් “අමා දොර විවර විය” ධර්ම දේශණය සංවිධානය කරයි

පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකය විසින් 2023.07.17 වන දින ත්‍රීකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී “අමා දොර විවර විය” නමින් සුධර්ම ධර්ම දේශණයක් සංවිධානය කරන ලදි. බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාව පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා යුධ, නාවික, ගුවන් හා පොලිසිය යන ආරක්‍ෂක අංශවල සාමාජිකයින් 700කට අධික පිරිසක් සහභාගි වන ලදි. නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර යූඑස්පි පීඑස්සි, නියෝජ්‍ය නැගෙනහිර නාවික ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා යූඑස්පි, 222 සහ 221 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන් වන බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පි, සහ කර්නල් ඒකේ පීරිස් ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගි වුහ.