Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th July 2023 11:47:37 Hours

වෙරළබඩ පරිසරය සංරක්ෂණය කිරීම සඳහා කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

කල්මුනේ වෙරළබඩ ප්‍රදේශයේ ඉවතලනදවටන,ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් හේතුවෙන් වෙරළබඩ පරිසරය දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති අතර එය සුන්දර වෙරළ තීරය අපවිත්‍ර වීමටද හේතු වේ.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ සම්බන්ධීකරණයෙන් 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2023 ජුලි මස 14 දින පෙරවර 0600 පැයේ සිට 0800 දක්වා කල්මුනේවෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සදහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේද දායකත්වය ඇතිව පවත්වන ලද මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාව සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු10X80 භට පිරිසක් සහභාගී වූ අතර සිවිල් වැසියන් 60 පමණමෙම සත්කාර්ය සදහා සහභාගි විය.